අස්වැසුම ප්‍රතිලාභීන්ට දෙවරක් මුදල් ගෙවීමෙන් රුපියල් කෝටි 50ක් අපතේ යාම
Aswesuma Welfare Fund Scandal: Rs. 500 Million Wasted Through Double Paymentsඅස්වැසුම සුබසාධක ප්‍රතිලාභීන්ට දෙවරක් මුදල් ගෙවීම (Double Payment) හේතුවෙන් රුපියල් කෝටි 50ක මහජන මුදල් නාස්තියක් සිදුව ඇති බව 'Free Lawyers' සංවිධානය 2026.05.04 දින ලිපියක් මගින් හෙළිකිරීම. සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ පරිපාලන අක්‍රමිකතා සහ පියල් දර්ශන ගුරුගේ ඇතුළු නීතිඥවරුන් මාධ්‍ය හමුවේ කළ අනාවරණය (හිරු නිවුස් 05.05.2026).
මහජන බැංකුවේ කෝටි 65ක විනිමය පාඩුව සහ ශ්‍රී ලංකන් මෙල්බර්න් නියෝජිතයාගේ ඩොලර් මිලියන 1.4ක වංචාව
People's Bank Rs. 656M Exchange Rate Loss & SriLankan Airlines Melbourne AUD 1.4M Embezzlementප්‍රේෂණ විනිමය අනුපාත දෝෂයක් හේතුවෙන් මහජන බැංකුවට රුපියල් මිලියන 656ක (කෝටි 65ක) දැවැන්ත පාඩුවක් සිදුවූ බව නිවුස්වයර් (2026 මැයි 17) වාර්තා කිරීම. ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ගුවන්තොටුපළ ශ්‍රී ලංකන් ගුවන් සේවයට ගෙවූ ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 1.4ක මුදලක් එහි අලෙවි නියෝජිත ඩිලාන් ආරියවංශ විසින් වංචා කිරීම සහ ඊට දේශපාලන රැකවරණ ලැබීම.
උපයනවිට බද්දෙන් කෝටි 36ක් ඩේටාබේස් එකෙන් අතුරුදන්වීම සහ ඩොලර් බිලියන 99ක ණය දත්ත ගැටලුව
Missing PAYE Tax Data: Rs. 360M Database Vanishing & Disappearance of $99B National Debt Recordsදේශීය ආදායම් දෙපාර්තමේන්තුව උපයනවිට (PAYE) බද්දෙන් මාස 3කට එකතු කළ රුපියල් කෝටි 694න් කෝටි 36ක දත්ත දත්ත ගබඩාවෙන් (Database) අතුරුදන්වී ඇති බව මව්බිම පුවත්පත (2026.04.04) අනාවරණය කිරීම. ශ්‍රී ලංකාවේ ඩොලර් බිලියන 99ක ණය දත්ත හදිසියේ අතුරුදන්වීම පිළිබඳ ආචාර්ය හර්ෂ ද සිල්වා කළ හෙළිදරව්ව සහ එන්ඩීබී බැංකු වංචා විමර්ශනයට මහ බැංකුවෙන් ලැබෙන සැකකටයුතු සැලකිල්ල.
2025දී අතුරුදන්වූ ඩොලර් මිලියන 80 IMF වාර්තාව, දුම්රිය පද්ධතියට හැකර් ප්‍රහාර සහ ඩී.වී. චානකගේ හෙළිදරව්ව
IMF Reveals $80M Disappearance in 2025, Railway Cyber Attack & MP D.V. Chanaka's Warnings2025 වසරේදී ශ්‍රී ලංකාවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 80ක් අතුරුදන්ව ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වාර්තාවක් පෙන්වා දී ඇති බව විපක්ෂය හෙළිදරව් කිරීම. ආණ්ඩුවේ තවත් ගෙවීම් ඉලක්ක කර හැකර් ප්‍රහාර එල්ලවන බවට මන්ත්‍රී ඩී.වී. චානක අනතුරු ඇඟවීම සහ ශ්‍රී ලංකා දුම්රිය කාලසටහන් පද්ධතියට එල්ලවූ සයිබර් ප්‍රහාරයකින් දුම්රිය ධාවනය පැය 24ක් අඩපණ වීම (අරුණ 2026-06-16).
ශ්‍රීලංකන් ගුවන් සේවයේ කෝටි 8ක හැකර් වංචාව සහ හල්දුම්මුල්ල ප්‍රා.සභාවේ සේප්පුවෙන් මුදල් අතුරුදන්වීම
SriLankan Airlines Rs. 80M Hacking Loss & Cash Theft from NPP-Led Haldummulla PS Safeශ්‍රීලංකන් ගුවන් සේවයේ චෙන්නායි කාර්යාලයේ රුපියල් කෝටි 7ක මුදල් වංචාව සහ රුපියල් කෝටි 8ක් හැකර්වරුන් අතට පත්වූ බවට ශ්‍රීලංකන් කළමනාකාරීත්වය පිළිගනිමින් වගකීම භාරනොගැනීම (හිරු නිවුස් 2026-05-16). මාලිමාවට බලය හිමි හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ නිල සේප්පුවෙන් රුපියල් 12,000ක මුදලක් අතුරුදන්වීම පිළිබඳ පොලිස් පරීක්ෂණ ඇරඹීම.
"සියල්ල වැරදීමකින්" - රුපියල් බිලියන 44.57කට අධික පාඩු සහ ආණ්ඩුවේ පරිපාලන අසාර්ථකත්වය
'It Was All Just a Mistake': Rs. 44.57 Billion in Cumulative Governance Scandals & Mismanagementආණ්ඩුවේ පරිපාලන නොහැකියාව 'වැරදීමක්' ලෙස හඳුන්වමින් සිදුකළ මහා විනාශයන් 13ක්: ප්‍රශ්නගත කන්ටේනර් 322 නිදහස් කිරීම, වරායෙන් මත්ද්‍රව්‍ය කන්ටේනර් 2ක් නිදහස් වීම, 6 ශ්‍රේණිය පොතට වැඩිහිටි වෙබ් අඩවි ඇතුළත් වීම, බාල ගල් අඟුරු, හැකර්ට ඩොලර් මිලියන 2.5ක් ගෙවීම ආදිය. එමෙන්ම බාල ගල් අඟුරු (රු. බිලියන 19), භාණ්ඩාගාරය (රු. මිලියන 800), ඩීසල් (රු. මිලියන 500), ඉන්ෂුවරන්ස් බැඳුම්කර (රු. බිලියන 10), අස්වැසුම (රු. මිලියන 500) ඇතුළු රුපියල් බිලියන 44.57කට අධික දැවැන්ත මූල්‍ය පාඩු එකතුව පිළිබඳ සම්පූර්ණ හෙළිදරව්ව.
ක්‍රිප්ටෝ වසන්තය: ඇමති වසන්ත සමරසිංහගේ ක්‍රිප්ටෝ මුදල් වත්කම් සහ BetSS දුම්රිය ඔට්ටු මගඩිය
Crypto Vasantha: Minister Samarasinghe Crypto Assets & BetSS Railway Betting Scandalඇමති වසන්ත සමරසිංහ මහතා සතුව රුපියල් මිලියන 275ක ක්‍රිප්ටෝ මුදල් වත්කම් පැවතීම, මෙරට ක්‍රිප්ටෝ මුදල් නීත්‍යනුකූල නොවන පසුබිමක ඒ සම්බන්ධයෙන් එල්ලවන ප්‍රශ්න කිරීම් සහ දුම්රිය ස්ථාන වේදිකාවල BetSS ඔට්ටු ඇල්ලීමේ ප්‍රවර්ධන දැන්වීම් ප්‍රදර්ශනය කිරීම හා වින්දිතයන්ගෙන් ලක්ෂ 55ක් තැන්පත් කරවාගැනීමේ වංචාව පිළිබඳ හෙළිදරව්ව.