ආහාර මත බදු ගහනකොට: ආහාරවලින් බදු ඉවත් කරන පොරොන්දුව සහ පාන් පිටි, කිරිපිටි මිල හොර රහසේ ඉහළ දැමීම
Food Taxes: Broken Manifesto Pledges & Stealth Price Hikes on Bread, Flour and Milkආහාර, ඖෂධ, අධ්‍යාපන උපකරණ මත පනවා ඇති සියලු බදු වහාම ඉවත් කරන බවට අනුර කුමාර තම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් අත්සන් තබා පොරොන්දු වුවද, බලයට පත්වූ පසු පාන් පිටි මිල එකවර රු. 17කින් ඉහළ දමා බේකරි නිෂ්පාදන මිල වැඩි කිරීම, සහ වෙළෙඳපොළේ කිරිපිටි පැකට්ටුවල මිල ගණන් පාරිභෝගිකයාට නොදන්වා හොර රහසේම සංශෝධනය කර ඉහළ දැමීම.
අර්ජුන් මහේන්ද්‍රන්: මහ බැංකු හොරා මුලින්ම ලංකාවට ගේනවා කී අනුරට ඇමති ධුර ලැබුණු පසු නීතිමය බාධා මතක්වීම
Arjun Mahendran Extradition: Pledged as First Priority vs Post-Election Legal Excusesඅර්ජුන් මහේන්ද්‍රන්ව මෙරටට ගෙන ඒම තම රජයක් යටතේ මුලින්ම සිදුකරන කාර්යය බවට අනුර කුමාර වේදිකාවල සපථ කළද, ආචාර්ය හරිනි අමරසූරිය විපක්ෂයේදී ඒ ගැන ප්‍රශ්න කළද, මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සිංගප්පූරු නීතිය අනුව මහේන්ද්‍රන්ව ගෙන ඒමට නීතිමය බාධා ඇති බව පවසමින් කැබිනට් මාධ්‍ය හමුවේදී එම පොරොන්දුව මගහැර යාම.
ඩෙංගු වසංගතයක් ඇතිවීම (එදා): ආණ්ඩුවේ තකතීරු තීරණ නිසා මිනිස්සු මියයන බවට අනුර එදා කළ කතා
Dengue Outbreak (Then): AKD Accusing Government of Incompetence in Every Deathඩෙංගු වසංගතයක් ඇතිවීම (අද): රෝගීන් 57,000ක්, මරණ රැසක් සහ බස්නාහිර කප් ගැසූ පාලන අසමත්කම
Dengue Outbreak (Today): 57,000 Cases, Soaring Deaths & Western Province Crisisඩෙංගු වසංගතයක් ඇතිවීම (අද): රජයේ ආයතනවලින් බාගෙට බාගයක් ඩෙංගු තවාන් වීම සහ මෙහෙයුම් මැදිරිය ගොළුවීම
Dengue Outbreak (Today): Half of State Premises Dengue Sites & Silent Hotlinesක්‍රිකට් පරිපාලනයේදී: ජයන්ත සහ ෂම්මිගේ ක්‍රිකට් පවුල් පාලනය යැයි බැන අද ෂම්මි සමඟ මුල්ගල් තැබීම
Cricket Administration: Condemned Shammi's Family Mafia Then, Laid Foundation Stones Together Todayවිපක්ෂයේදී 'මේක ශ්‍රී ලංකා ක්‍රිකට් මිසක් ජයන්ත ඇන්ඩ් ෂම්මි ක්‍රිකට් නෙමෙයි, ක්‍රිකට් පාලක මණ්ඩලය පවුල් තුනක් අතේ කැරකෙනවා' යැයි පාර්ලිමේන්තුවේදී ආවේගශීලීව චෝදනා කළ අනුර කුමාර දිසානායක, බලයට පත්වූ පසු ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා සමඟ එකට හිඳිමින් යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට මුල්ගල් තැබීමේ දේශපාලන අවස්ථාවාදය.
ක්‍රිකට් පරිපාලනය සහ ප්‍රභූ සංස්කෘතිය: ජේ ෂා හමුවීම, නිළියන්ගේ VIP සංදර්ශන සහ ICC තහනම් අවදානම
Cricket VIP Culture & Jay Shah: Presidential Meetings, Actress Escorts & ICC Sanction Fearsක්‍රිකට් ආයතනයේ ප්‍රභූ පැලැන්තිය සහ නිළි මිතුරියන් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ VIP කුටි තුළ සුඛෝපභෝගී ලෙස ක්‍රිකට් නරඹන සම්ප්‍රදාය අඛණ්ඩව පැවතීම, ඉන්දීය ක්‍රිකට් පාලක ජේ ෂා සහ ජනාධිපති අනුර කුමාර අතර පැවති සාකච්ඡා, සහ දේශපාලන මැදිහත්වීම් හා අභ්‍යන්තර ගැටුම් හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) තහනමක් එල්ලවීමේ අවදානම මතුවීම.
වෙනිසියුලාවේ අර්බුදය: එදා ඇමරිකානු අධිරාජ්‍යවාදයට එරෙහිව පාරට බැස අද ඇල්මැරුණු නිවේදන නිකුත් කිරීම
Venezuela Crisis: Fiery Anti-Imperialist Protests Then vs Lukewarm Official Stance Todayඇමරිකාව වෙනිසියුලාවට එරෙහිව සම්බාධක පැනවූ අවස්ථාවේ ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට රතු කොඩි ලෙළවමින් 'වෙනිසියුලාවට එරෙහි අධිරාජ්‍යවාදී අතපෙවීම් පරදවමු!' කියමින් උද්ඝෝෂණ කළ ජවිපෙ නායකයින්, වත්මන් විදේශ අමාත්‍යාංශය හරහා කිසිදු අධිරාජ්‍ය විරෝධයක් නොමැති ඉතා ලිහිල් හා ඇල්මැරුණු රාජ්‍ය තාන්ත්‍රික ප්‍රකාශයක් පමණක් නිකුත් කර නිහඬ වීම.